Titanic (1997) | "මහ සයුරේ ආදර අන්දරය..."
1997
Romance - Adventure
Titanic (1997) | "මහ සයුරේ ආදර අන්දරය..."
1997
Romance - Adventure
Titanic (1997) - සාරාංශය :
1997 අවුරුද්ද සිනමා ලෝකයට සුවිශේෂ වසරක්! අපේ යාළුවො කවුරුත් ඒක හොදටෝම දන්නවා. ලෝකය පුංචි වැඩියි කියලා කියන්න තරම් විශාල වුණු නැවකුයි ඒ නැවේ කතාවයි යළි වරක් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණේ ඒ වර්ෂයෙදි වීමයි ඊට හේතුව. මෙහෙම කියනකොටම කට්ටිය මටත් වඩා හොදට දන්නවා මම මේ කියන නැව මොකද්ද කියන්න. ඒ වගේම ඒ නැවේ කතාව මොකද්ද කියන එකත් දන්නවා කියන එක මට හොදටම විශ්වාසයි. ඔව් ඔබ හරියටම හරි. ඒ තමා ‘ටයිටැනික්’.

මුළු ලෝකයම මරණයේ වේදනාවෙන් කම්පනය කරලන්නට වගේම ආදරයේ වේදනාවෙන් මුසපත් කරවන්නටත් සමත් වුණු මේ මහා සිනමා කාව්‍ය එදා මෙදා තුර බිහිවූ උත්කෘෂ්ටතම පෙම් පුවතක් බවයි පොදුවේ කාගේත් පිළිගැනීම. සම්මාන පිට සම්මාන දිනමින් සහ සම්මාන උළෙලවල් පවා දෙවනත් කරවන්නට ඒ ඔස්කාර සම්මාන 11 තවත් ජයග්‍රහණ 81 ලබන්නට තරම් මේ මහා නිර්මාණය සමත් වුනා.. එමෙන්ම මේ බයිස්කෝප් එක එකරැයින් හොලිවුඩ් සුපිරි තරු යුගලක් බිහි කරන්නට තරම් සමත්කමක් දැරුවා.ඒ විතරක් නෙමෙයි හොලිවුඩයේ ඒ ලෙස නළු-නිළි තරු යුවලක් බිහි කරවද්දී ගායන ලෝකයටත් තව තරුවක් බිහි කරන්නට තරම් සුපිරිතම ගීතයක් පවා මේ තුළ අන්තර්ගත වුණා. එය ඔබේත් මගේත් හදවත් අදටත් සසල කරවන්නට හැකි ඒ ගුණය එකලෙස සුරකිනවා. මේ ගීය අදටත් හරියට පෙම්වතුන්ගේ නිල ගීතය වගෙයි කිව්වත් වැරැද්දක් නොවන තරමට ආදරයේ අරුත කැටිකරගත් ගීයක්. අදාරයේ සැබෑ අරුත ලොවට පසක් කර දෙන්නට නිර්මල පෙම මේ යැයි පවසන්නට මේ නිර්මාණය තරම් මගේ සිත් ගත් වෙන නිර්මාණයක් නැති තරම්..

අනික් දේ පුරා වසර 10 ක් එක ලෙස වැඩිම ආදායම් වාර්තා අතර පළමු තැන තිබු මේ සිනමාපටය නැවතත් 2 වෙනි තැනට පත් වූයේ මේ අනර්ඝ නිර්මාණයත් බිහි කල ලොව සුවිශේෂී නිර්මාණ කරුවා James Cameron විසින් නිපදවූ Avatar (2009) බයිස්කෝප් එකයි.ඔහු විසින් නිපදවූ චිත්‍රපටය නැවතත් 2 වෙනි තැනට පත් කරන්නට පත් වූයේ ඔහුගේ නිර්මාණ වල අද්විතීය බව ලොවට පසක් කරමිනි..

ප.ලි.

"මතක තියාගන්න. ඉනෙන් පහළට ආදරය කරන්න කලින්, ඊට ඉහළින් හදවත කියලා දේකුත් තිබෙන වග"

Release date: December 19, 1997 (USA)
Director: James Cameron
Box office: $2.257 billion