The Holy Pearl S01E18 (2011) | "මායාවරුන්ගේ ලෝකය"

2011

Drama - Fantasy

0
Rotten Tomatoes Critics 0%
Rotten Tomatoes Audience 0%

The Holy Pearl S01E18 (2011) - සාරාංශය :

මෙය අප මතෛක් නැරඹූ ජපන් හෝ කොරියානු ටෙලි නාට්‍යවලට වඩා අමුතුම ආරක් ගත් එකක් බැව් පෙනේ. 2011 වසරේදී චීනයේ මුලින්ම විකාශනය කරන ලද මෙය වර්තමානයෙන් අතීතයට ගමන් කරන තරුණියක් වටා ගෙතුණු කතාවකි. එබැවින් මෙය අත්භූත සිදුවීම්වලින් සමන්විත විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන වූ ටෙලි නාට්‍යයකි. මෙය ජපන් කාටූන් සඟරාවක පළවූ. රුමිකෝ තකාෂි විසින් නිර්මාණය කරන ලද ‘ඉනු යාෂා’ නම් කතා මාලාවේ නිල නොවන පරිවර්තනයක් ලෙස ද හැඳින්වේ. ඔෂින්, සුජාත දියණි, අභීත දියණිය යන ටෙලි නාට්‍යයන් හි තේමාවන් යථාර්ථවාදී වන අතරේ මායාවරුන්ගේ ලෝකය එක්තරා අන්දමකින් අද්භූතවාදී තේමාවක් වටා ගෙතුණු ටෙලි නාට්‍යයකි. කතාවේ සාරාංශය මෙලෙසිනි.

වසර ගණනාවකට පෙර චීනයේ ‘ෂියෑන් යූ’ නමින් දෙවඟනක් මිනිස් වෙසක් ගෙන සාමාන්‍ය ජනතාව ආරක්ෂා කරමින් ඔවුන් අතරම ජීවත් වූවාය. ඒ නිසාම ජනතාව ඇයට බොහෝ සෙයින් ආදරය කරන්නට පටන් ගත්හ. රජතුමා ද ඇයට බොහෝ සෙයින් ආදරය කළේය. ඇයට ‘ටෙංග්ෂේ’ නමින් සොයුරියක් සිටියේය. ඇයද ‘මෝ-යින්’ නමින් සාමාන්‍ය ජනතාව අතර ජීවත් වූ දෙවඟනකි. නමුත් සිය සොයුරිය වූ ෂියෑන් යූ කෙරෙහි මිනිසුන් දැක්වූ ආදරය පිළිබඳ ඇය පසු වූයේ තදබල ඊර්ෂ්‍යාවකිනි. ඒ නිසා ඇය සිය සොයුරිය මරා දැමීම සඳහා සැලසුමක් දියත් කළාය. මේ සඳහා ඇය උදව් උපකාර ඉල්ලන්නේ යක්ෂ නායකයකු වූ ‘ෂි යූ මින්ග්’ ගෙනි. මෙම ක්‍රියාව නිසා දේව - මිනිස් හා යක්ෂ ලෝක අතර තිබූ සමබරතාවයට හානියක් සිදුවෙයි. මන්ද යක්ෂයකු හා දෙවඟනක් අතර ඇතිවූ සම්මුතිය නිසාවෙනි. ඒ එහි අතීත කතාවයි. නමුත් මේ කතාව දිවෙන්නේ වර්තමානයේ සිටය. වර්තමානයේ මෙහි කතා නායිකාව වන්නේ ‘ඩින්ග් යාඕ’ ය. ඇය චීන සුප්‍රකට පුරා විද්‍යාඥයකුගේ දියණියකි. ඔහු සිය දියණියගේ ආරක්ෂාව තකා නිතර ළඟ තබාගන්නා ලෙස පවසා මැටිවලින් තැනූ කුඩා පිළිමයක් තිළිණ කරයි. මෙයද කෞතුක වස්තුවකි.

ඩින්ග් යාඕ යනු ‘ෂියෑන් යූ’ ගේ නැවත ඉපදීමක් බැව් කිසිවෙක් දන්නේ නැත. ඇය ද සිය පියා මෙන්ම ඉපැරණි දෙයට ඇලුම් කරන ඉතිහාසය හදාරන සාමාන්‍ය තරුණියකි. ඇය සිය පියාගේ වැඩ කටයුතුවලට උදව් කරමින් සිටිද්දී ඔහුගේ පුරා වස්තු අතර තිබි ඉපැරණි නවග්‍රහ චක්‍රයක් හමුවෙයි. මෙම නවග්‍රහ චක්‍රය සතුව තිබූ කුඩා මැටි පිළිමය සමග යම්කිසි ප්‍රතික්‍රියාවක් සිදුවී මෙය අහම්බෙන් මෙන් ක්‍රියාත්මක වන්නට පටන් ගනී. ප්‍රතිඵලය වන්නේ ඇය වසර 3500ක් කාලය ඔස්සේ අතීතයට ගමන් කිරීමය. ඇගේ ගමන නතර වන්නේ ගල් ගුහාවකිනි. අතීතයට ගමන් කළ පසු ඇගේ නම වන්නේ ‘නෑන් යූ’ ය.

ඇය තහනම් ප්‍රදේශයක සිටි බව කියමින් රාජ පුරුෂයින් ඇය අල්ලා මරණ දඬුවම දෙන්නට සියල්ල සූදානම් කරයි. නමුත් මේ අවස්ථාවේදී රජු එතැනට පැමිණෙයි. ඇගේ පෙනුම “ෂියෑන් යූ’ට අතිශය සමානකමක් දක්වන නිසා රජු සිතන්නේ මේ ඇයම බවයි. එබැවින් ඇය මරණ දඬුවමින් ගලවා මාලිගයට කැටිව යයි. මාලිගයට ගිය පසු රජු ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරයි. ඇය එම යෝජනවාට අකමැති බැවින් මාලිගයෙන් පලා ගොස් ඇය මුලින්ම සිටි සොහොන් ගැබේ සැඟවෙයි. මෙම ගල් ගුහාවේ ෂියෑන් යූ විසින් සිරගත කොට නින්දකට පත්කරන ලද අර්ධ මිනිස් - අර්ධ යක්ෂයකු වූ ‘වෙන් ටියෑන්’ සිටිනා බැව් ඇය දන්නේ නැත. ඩින්ග් යාඕ අතින් අත්වැරදීමකින් ඔහුගේ නින්ද බිඳෙයි. තමා ඉදිරියේ සිටින්නේ ෂියෑන් යූ බැව් මුලින්ම වරදවා වටහා ගන්නා ඔහු, ඇය කළ ක්‍රියාව පිළිබඳ කෝපයට පත්වී ඇයව මරා දමන්නට සැරසෙයි. නමුත් පසුව ඔහු සත්‍යය අවබෝධ කරගනියි. මේ අතරේ ඩින්ග් යාඕ රැගෙන යන්නා වූ මැටි බඳුන් අතරට අද්භූත ලෙස යක්ෂයන් අරක් ගත් මල් බඳුනක් පැමිණෙයි. මෙය රජ මාලිගයේ තිබූ මල් බඳුනක් බව ඇයට මතක වෙයි. එසැනින්ම ඇය මෙම බඳුන වීසි කරයි. එවිට මල් බඳුන බිඳී ගොස් ශුද්ධ වූ මුතු ඇට දොළසක් බවට පත්වී එතැනින් අතුරුදහන් වෙයි. ශුද්ධ වූ මුතු ඇට සියල්ල එක් කොට මෙමබඳුන යළි තිබූ තත්වයට පත් නොකළහොත් මහා විනාශයක් සිදුවන බැව් දැනගන්නා ඇය වෙන් ටියාන් ගේද උදව් ඇතිව එය සිදු කරන්නට සැලසුම් කරයි. මිනිස් - දේව - යක්ෂ ලෝක තුන අතර සමබරතාවය ඇති කරන්නට නම් ඇය මෙය කළ යුතුම බැව් ඇය වටහා ගනියි.

ඇයට සිය අරමුණ කරා පහසුවෙන් ළඟාවන්නට හැකි වේද ? ඔබත් මාත් ඉදිරියේ ඇත්තේ එයයි. මෙයට පිළිතුර සොයන්නට නම් ඔබ ‘මායාවරුන්ගේ ලෝකය’ නැරඹිය යුතු ය. මෙහි ප්‍රධාන චරිතය වූ ඩින්ග් යාඕ ගේ චරිතයට පණ දෙන්නේ ජනප්‍රිය චීන නිළියක වන ‘ගිලියන් චුන්ග්’ ය. අධ්‍යක්ෂණය ‘කායි ජින්ග් ෂෙන්ග්’ ය. නිෂ්පාදනය ‘ෂවු ලී’ ය. ගිලියන් සමග ‘පර්බා රග්යාල්’, පැට්‍රික් ටෑම්’ සහ ‘ගුඕ ෂෙන් නි’ යන ශිල්පීහු ද ප්‍රධාන චරිතවලට එන ‍පොවති. මෙය චීනයේ විකාශනය වූයේ කොටස් 36 කිනි.

Article By : Nuwan Anuradha Rathnayake

Server 01 Server 02 Trailer