The Body (2019) | "මිනිහගේ හොර ඇල්ලූ ගැහැණිය.."
2019
Mystery - Thriller
The Body (2019) | "මිනිහගේ හොර ඇල්ලූ ගැහැණිය.."
2019
Mystery - Thriller
The Body (2019) - සාරාංශය :
මිනිසාගෙන් මිනිසාට හතුරගෙන් හතුරට යාලුවගෙන් යාලුවට නිමක් නැතිව යන ආකල්පයක් තමයි පළිගැනීම කියන්නේ. ඒ අපේ ස්වභාව ධර්මයේ හැටි. පළිගන්න තැනැත්තෙක් ඉන්නවා නම් එයා පළිගන්නත් නොගන්නත් යන තීරණ දෙකම සිදු වෙන්නේ ඒ කෙනාටම තමයි. “වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන්ම වෛරය සන්සිදේ” මේ විදියට අප මහ ලොව්තුරු තථාගතයාණෝ වදාළ සේක. එහෙත් මේ වෛරයක් නිසා ඇතිවන පළිගැනීම හේතු කොටගෙන නොයෙකුත් සිද්දීන් රැසක් විය හැක. පළිගැනීමට තවත් නිදසුනක් විදියට මෙන්න මේ චිත්‍රපටය අපිට හදුන්වලා දෙන්න පුළුවන්. මන් එහෙම කිව්වේ මේකෙත් තියෙන්නේ පළිගැනීමක් ගැන තමයි. The Body (මළකඳ) කියන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජීතු ජෝසෙප් විසින්. Viacom18 Motion Pictures ආයතනයෙන් හා සුනීර් කෙටර්පාල් විසින් නිෂ්පාදනය කරලා තියෙන මෙම සිනමාපටයට ඉම්රාන් හශ්මි, රිශී කපූර්, සෝබිතා දුලිපාලා වගේ ප්‍රවීණ නළු නිළියන් සමඟ රසවත් වී ඇත.ඇත්තටම මේක 2012 නිකුත් වුණු ස්පාඤ්ඤ සිනමාපටයක රීමේක් එකක්. ඒකේ නමත් The Body. <br><br> -The Body – 2012 (Spanish Movie)- 1979 මාර්තු 24 වෙනි දින මුම්බාහි උපත ලබන ඉම්රාන් හශ්මී නැත්තම් භාරතීය සිනමාවේ ප්‍රේම කුමාරයා තමයි මේකේ ලීඩින් චරිතේ විදියට කරන්නේ. 2002 වර්ශයේ ආපු Raaz මූවී එක ඔයාලා බලලා ඇති නෙහ්. ඒ මූවී එකේ රඟපාන්න කලින් එයා ඒකේ සහය අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරලා තියෙනවා. එතනින් එයාගේ සිනමා ජීවිතය අරඹන කොට හින්දි සිනමාවට නැතුවම බැරි චරිතයක් වෙනවා මේ ඉම්රාන් හශ්මිව. ඉතින් අපි එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. පෝසත් කෙල්ලෙක් ඉන්නවා. එයාගේ නම මායා. එයාටම කියල අයන් කාර්මාන්ත කියල කම්පැනි එකක් තියෙනවා. අජේ කියන්නේ මේ කතාවේ ප්‍රධාන චරිතේ. මේ අජේ කියන කෙනා මායා එක්ක යාලුවෙලා එයාව කසාද බදිනවා. මුලදී ආදරය නිසා එයා කසාද බැන්දත් එපාර ටිකෙන් ටික මායා ළග තියෙන සල්ලි වලට ආශා කරන්න ගන්නවා. ඒ අතරේ රිතූ කියල කෙල්ලෙක්ට අජේගේ හිත යනවා. එයා ඒ රිතූ එක්ක යාලුවෙලා මායාව මරලා දාන්න හදනවා. මායා මැරුණම එයාගේ මිනිය මෝචරියෙදී නැති වෙනවා. ඊටපස්සේ තමයි කතාව පටන් ගන්නේ. රිශී කපූර් පොලිස් නිලධාරියෙක් විදියට මෙහි රගපාන අතර එයා තමයි මේ මිනිය නැති වුණු කේස් එක බාරව ඉන්නේ. ඔහොම අජේ ගෙන්නලා ප්‍රශ්න කරලා, මායා මැරිලත් නෑ රිතූ කියල කෙල්ලෙක් ඉදලත් නෑ… කොහොමහරි අවසානෙදී මුලු ෆිල්ම් එකම කණ්පිට පෙරලනවා. ඒක නම් කියලා ස්පොයිල් කරන්න යන්නේ නෑ ඒකට ෆිලුම් බලලම ඉන්නකෝ.