Taare Zameen Par (2007) | මිහිමත පෑයු පුංචි තරු සේය ළමුන්...

2007

Family - Musical

93
Rotten Tomatoes Critics 14%
Rotten Tomatoes Audience 96%

Taare Zameen Par (2007) - සාරාංශය :

ළමා කාලයේ අපි ගත කාලය සුන්දරයි. ඒත් අද වන විට ළමයින්ට ඒ සුන්දරත්වය නෑ.. ඔවුන් ගේ ජීවිතයේ එකම දේ තමා ඉගෙනීම. පන්ති යන්න, පාඩම් කරන්න, ඉස්කෝලෙ යන්න, නිවාඩු දවස් වල හැමදාම පන්ති. අඩු තරමේ දහම් පාසැල් යන්නවත් බෑ ගොඩක් අයට. ඉතිං පොඩි ළමයින්ට ඒක ලොකු පීඩනයක්. එයාල ඉගෙන ගන්න ඕන තමා. ඒත් අනවශ්‍ය පීඩනයක් ඔවුන්ට පටවන්න හොඳ නෑ කියන එකයි මගේ මතය. මේක චිත්‍රපටය බැලුවම ගොඩාක් අයට ඒක අවබෝධ වේවි. මේ ලෝකේ ඉන්න හැම ළමයටම දක්ෂතාවයක් තියෙනවා.

එය දෙමාපියන්, ගුරුවරුන් හඳුනාගන්න ඕනි. විශේෂයෙන්ම දෙමාපියන් ඔවුන්ගේ කුසලතා හඳුනාගෙන ඔවුන් සාර්ථක වන මාර්ගයේ යවන්න උත්සාහ ගන්නවනම් ගොඩක් හොඳ සමාජයක් බිහිවේවි. පොඩි ළමයින්ගේ සිත් මල් වගේ කියනවනේ.. ඇත්තටම අහිංසක ළමයින්ට අද කාලෙ වෙන මානසික පීඩාව ගැන ඉතා ගැඹුරෙන් මේ සිනමා සිත්මේ කථා කරලා තිබෙනවා. ලොකු පොඩි හැමෝම මෙය නරඹන්න කියල ඉල්ලා සිටිනවා.

චිත්‍රපටයේ කථාව ගැන පොඩ්ඩක් කියන්නම්. එක් සිසුවෙක් ඉන්නවා ඉගෙනීමට අදක්ෂ. ඔහු අතිශයින් දුර්වලයි, අසාමාන්‍යයි.. ඉතින් දෙමව්පියන්ටත් ඒ ළමයගේ පාසැලේ ගුරුවරුන්ටත් මෙය මහත් ගැටළුවක් බවට පත්වෙනවා. එයින් මිදීම සඳහා දෙමාපියන් මෙම ළමයාව ඈත පළාතක පිහිටි පාසැලක් වෙත ගොස් ඇරලනවා. එහිදි මොහු තවත් මානසික පීඩාවට පත්වනවා.. මොහුගේ වාසනාවකට එහිදී හිත හොඳ ගුරුවරයෙක් මුණ ගැසෙනවා. ඒ අපේ සුපිරි රංගන ශිල්පියා ආමීර් ඛාන්.. ඉතින් මේ ගුරුතුමා ඒ සිසුවා සාමාන්‍ය තත්වයට ගැනීමට ගන්නා උත්සාහය වටා මේ කථාව ගලා යනවා. ඇත්තෙන්ම ඇසට කඳුළු එන කථාවක්. මේ අහිංසක දරුවාට ලොව ජයගත හැකිවේද……? ගුරුතුමාට මේ සිසුවා යහමගට ගැනීමට හැකිවේද………? චිත්‍රපටිය බලමු නේද එහෙනම්…

Release date: December 21, 2007 (India)
Directors: Aamir Khan, Amole Gupte
Box office: 984.8 million INR
Art director: Sachin Bhoir
Budget: 120 million INR
Awards: Filmfare Award for Best Film
Nominations: Filmfare Award for Best Film

Article By : Nuwan Anuradha Rathnayake

Server 01 Server 02 Trailer