Duma (2005) | මිතු දමට සීමා නෑ..

2005

Family - Adventure

95
Rotten Tomatoes Critics 61%
Rotten Tomatoes Audience 81%

Duma (2005) - සාරාංශය :

ඉතින් මම අද අරගෙන ආපු සලරුව තමා Duma (ඩූමා). මතක ඇතිනේ මේක සිරස නාලිකාවේ එහෙම සිංහලෙන් හඬකවලත් විකාශය වුනා. මේක නිකුත් වුනේ 2005 වසරේ සැප්තැම්බර් 30 වෙනිදා. සිනමා පටය අධ්‍යක්ෂණය කරන්නෙ Carroll Ballard නම් අධ්‍යක්ෂකවරයා විසිනුයි. Fly Away Home, Wind, Never Cry Wolf වැනි සිනමාපටද නිර්මාණය වුනේ මේ අධ්‍යක්ෂකවරයා අතින්ම තමා. මේ සිනමාපටයට පාදක වුනේ Carol Cawthra Hopcraft සහ Xan Hopcraft යන කතුවරුන් දෙදෙනා විසින් ලියන ලද How It Was with Dooms කියන ග්‍රන්ථයයි. IMDb අගය 7.3. සලරුවේ එන චරිත පැත්තටත් පොඩ්ඩක් හැරෙමුකෝ… කතාව ගෙතීගෙන යන්නෙ පොඩි චීටා පැටවෙක් වටා. ඉතින් ඒකේදී මේ චීටාගේ අයිතිකාර ළමයා, එහෙමත් නැත්නම් සෑන් විදිහට Alexander Michaeletos ද, සෑන්ගේ පියා විදිහට Campbell Scott ද, සෑන්ගේ මව විදිහට Hope Davis ද, සෑන්ට අතර මගදී මුණ ගැහිලා එයාගේ හොඳම යාළුවා වෙන රිප්කුනා විදිහට Eamonn Walker ද රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව පැත්තටත් පොඩ්ඩක් හැරෙමුකො නේද…. මුලින් කිවුවා වගේ මේ කතාව ගෙතී තියෙන්නෙ චීටාවෙකු වටා. මේ චීටා කුඩා කාලයේදී සිංහයින් විසින් පහර දීලා මේ චීටා පැටියගේ අම්මව මරණවා. ඉතින් මේ පැටියා තනි වෙනවා. දවසක් මේ පැටියව පාරේ ඉඳලා සෑන් කියන ලමයටයි එයාගෙ තාත්තාටයි හම්බවෙනවා. පස්සෙ මේ දෙන්නා මේ චීටා පැටියාව ගෙදර අරගෙන ගිහිල්ලා හදාගන්නවා. ඔහොම කාලය යද්දී මෙයාගෙ තාත්තා මැරෙනවා. හැබැයි ඒ වෙනකොටත් තීරණය කරලා තිබ්බෙ තාත්තයි සෑනුයි එකතුවෙලා දැන් ලොකු වයසක ඉන්න චීටව, එහෙමත් නැත්නම් එයාගෙ නමින් කියනවා නම් ඩූමාව කැලේට ගෙනිහින් දාන්න. ඉතින් තාත්තා නැති වුන නිසා මේ සෑන්ට ඒක කරන්න පුළුවන් වෙයිද? පුළුවන් වෙයිද කියලා එහෙනම් ඔයාලම කතාව බාගතකරගෙන බලන්නකෝ…

Release date: April 22, 2005 (USA)
Director: Carroll Ballard
Story by: Carol Flint; Karen Janszen
Distributed by: Warner Bros., Warner Bros. Pictures
Adapted from: How It Was with Dooms
Box office: $994,790 (worldwide)

Article By : Nuwan Anuradha Rathnayake

Server 01 Server 02 Trailer