Delhi Safari (2012) | "දිල්ලියට සවාරියක්"

2012

Family - Comedy

15
Rotten Tomatoes Critics 20%
Rotten Tomatoes Audience 39%

Delhi Safari (2012) - සාරාංශය :

ඉන්දියාවේ මෙතෙක් හදපු හොදම ඇනිමේෂන් ෆිල්ම් එක.වැඩි කතා නැතිව බලමු කොහොමද මේකේ තත්වේ කියල නේද. මෙම ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නිකිල් අධ්වානි කියන දක්ෂ අධ්‍යක්ෂකවරයා විසින්. එයා ගැන කියනවනම් kal ho na ho, salam e ishq, chandni chowk to china කියන ෆිල්ම් එහෙමත් මෙයාගේ තමයි. එතකොට සංගීතය ශංකර් ඉශාන් ලෝයි කියන අය තමයි කරලා තියෙන්නේ. ඒ වගේම මෙහි හඬ කැවීම් සදහා ඉන්දියාවේ දක්ෂ නළු නිලි පිරිසක් එකතු වෙලා තියෙනවා.

ගොවින්දා – බජරංගි ලෙසත්,
උර්මිලා – බේගම් ලෙසත්,
බෝමන් ඉරානී – බග්ගා ලෙසත්,
ආක්ෂේ කන්නා – ඇලෙක්ස් ලෙසත්,
ඒ වගේම සුනිල් ශෙට්ටි – සුල්තාන් ලෙසත් මෙහි හඬ කැවීමට දායක වෙලා තියෙනවා.

ඒ වගේම imdb හි 6.5 ක අගයක් හිමි කර ගැනීමටත්, 2012 ඔස්කාර් සම්මාන උළෙල සදහා සුදුසුකම් ලැබීමටත්, Screen Awards සම්මාන උළලේදී හොදම ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය සදහා නිර්දේශ ලැබීමටත්,FICCI Frames 2012 සම්මාන උළලේ හොදම විශේශීයකරණ චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමටත් සමත් වී තිබෙනවා. ඉතින් තව මොනවද නේද. චිත්‍රපටයේ කතාව ගැන පොඩි හැදින්වීමක් කරනවානම්, මෙය ගලාගෙන යන්නේ,මිනිසුන් විසින් වනාන්තර විනාශ කිරීම නිසා එමගින් තම නිවාස අහිමි වන සතුන් පිරිසක් මිනිසුන්ට විරුද්ධව නැගී සිටීමට දරන උත්සාහයක් වටාය.N

එම සතුන් මේ සදහා මිනිස් භාෂාව කතා කිරීමට හැකි ගිරවෙකු මගින් මිනිසුන් හට ඔවුනගේ පණිවිඩය යැවීමට උත්සහ කරන අතර,එම ගිරවා මේ සදහා එකග කර ගැනීමට මහත් වෙහෙසක් දරනවා. ඒ අතර මෙම ගිරවා සමග වෛරයෙන් සිටින පිරිසක්ද ඉන්නවා.ඉතින් මෙම මිශන් එකට ගිරවා එකග කර ගැනීමට හැකි වේද?ගිරවා සමග වෛරයෙන් සිටින අය ගිරවා සමග යාලු වෙයිද?කෙලෙසද මොවුන් මිනිසුන් හට තම පණිවිඩය රැගෙන යන්නේ?ඒ අතර මගදී ඔවුනට සිදු වන බාධා මොනවද? කියල දන ගන්නට නම් ඔයාලට දිල්ලි වලට සෆාරියක් යන්නම වෙනවා,මෙම චිත්‍රපටයේ ජීවිතයට ගත හැකිදේ බොහොමයක් ඇති අතර විනෝදය අතිනුත් ඉහලම තැනක තිබෙනවා. මෙය ඉන්දියන් ෆිල්ම් එකක් වුවද,හොලිවුඩයේ නිපද වූ Ice age ෆිල්ම් එක තරම්ම හොද තත්වයක පවතිනවා. එහෙනම් ඉතින් ඔයාලත් ගිහින් බලන්න දිල්ලි වලට සෆාරියක්!!!

Article By : Nuwan Anuradha Rathnayake

Server 01 Server 02 Trailer