Bolt (2008) | "සුපිරි වැඩකාරයෙක්"
2008
Adventure - Family
Bolt (2008) | "සුපිරි වැඩකාරයෙක්"
2008
Adventure - Family
Bolt (2008) - සාරාංශය :
මේක 2008 තමා Release කරලා තියෙන්නේ. IDMB වල 7.0 වගේ ඉහළ අගයක් අරන් තියන ලස්සන කාතාවක් මේක… මම කියන්න ඕනි නෑ. ඔයලා දන්නවනේ 7.0 වගේ අගයක් ගන්නවා කියන්නේ ඉතින් කොහොමද කියලා. කතාව ගැන ටිකක් කිවුවොත් මේ කතාවේ ප්‍රධාන චරිතේ වෙන්නේ බල්ලෙක්. එයා හිතන විදිහට කිවුවොත් සුපිරි බල්ලෙක්. මම එහෙම කිවුවේ ඇයි කියලා ඔයාලට Film එක බලනකොට තේරෙයි. මේ බල්ලාට එයා පණ වගේ ආදරේ කරන එයාගේ අයිතිකාරයව මඟ ඇරෙනවා. අයිතිකාරයා කිවුවට ඒයා ලස්සන පුංචි ගැහැණු ළමයෙක්. ඉතින් මේ බල්ලා අපහු තමන්ගේ ස්වාමියා ලඟට යන්න උත්සහ කරනවා. ඒ මේ අතරේ එයාට යාළුවෝ දෙන්නෙකුත් මුණගැහෙනවා. ඒ පිස්සු මීයෙකුයි, මොලේ තියන පුසෙකුයි. තව කියන්න ගියොත් Film එකම කියවෙනවා :D. ඉතින් ඔය කට්ටියගේ වැඩ ටික සහ මේ බල්ලා අපහු ගෙදර යන්න දරන උත්සහය වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. එහෙනම් ඉතින් ඔයාලම අරන් බලන්නකෝ මේයාලගේ වැඩ ටික සහ මේ සුපිරි බල්ලට අපහු තමන්ගේ ගෙදර යන්න පුලුවන් වෙයිද කියලා.

Release date: November 21, 2008 (USA)
Directors: Byron Howard, Chris Williams
Distributed by: Walt Disney Pictures, Walt Disney Studios Motion Pictures
Box office: $310 million
Music by: John Powell
Produced by: Clark Spencer