Alpha (2018) | "සදා නොමියෙන බැඳීමක්..."
2018
Adventure - Action
Alpha (2018) | "සදා නොමියෙන බැඳීමක්..."
2018
Adventure - Action
Alpha (2018) - සාරාංශය :
වසර 20000කට එහා යුරෝපයේ එක්තරා ගෝත්‍රයක් ජීවත් වුනා. මුතුන්මිත්තන් තබා ගිය මං සලකුණු ඔස්සේ ඔවුන් දඩයම් සොයා ගියා. එහි අද මෙන් මිනිසුන් අතර සතුන් අතර යහලු මිත්‍ර සබඳකමකට ඉඩක් නම් තිබුනේ නැහැ. ඒ අපූරු සබඳතාවට පාර කී තරුණයා නමින් කෙඩා.<br><br> “දැක්කද අර සතා? ඒ තමයි ඇල්ෆා, උන්ගේ රැලේ නායකයා. ඌ දුර්වලයි කියලා රැලේ අනික් උන්ට ඉව වැටුනොත්, උන් ඇල්ෆට අභියෝග කරනවා. ඌ ඉපදුනේ ඇල්ෆා විදියට නෙවේ, ඌ ඒ තැන උපය ගත්තෙ උගේ උත්සහයෙන්, උගේ හදවතින්මයි.”<br><br>කෙඩාගෙ තාත්තා, ගෝත්‍රයෙ ප්‍රධානියාගෙ සිතේ තිබුනෙ තමාගෙ ඇවෑමෙන් නායකත්වය කෙඩාට පවරන්නයි. ඒත්, ඊට ඔහු සුදුස්සෙක් බව ඔප්පු කළ යුතුයි. මේ අතරේ නොසිතූ කරදරයකට මුහුණ පාන කෙඩාට තමන්ගේ පවුලම අහිමි වෙද්දී මුණ ගැහුන සුන්දර මිත්‍රයා තමයි, “ඇල්ෆා”. මේ ඔවුන්ගේ කතාන්තරයයි. Imdb දර්ශකයේ දැනට ලකුණු 7 ක අගයක් හිමි කරගත්ත adventure, drama,fantacy කැටගරියට අයිති ඇල්ෆා 2018 සිංහලෙන් නරඹන්න එකතු වෙන්න කියලා සත්තුන්ට ආදරේ කරන හැම කෙනෙක්ටම ආදරයෙන් ආරාධනා කරනවා.